Tuesday, December 16, 2008

ආරම්භක ප්‍රධාන තිරය

ඔබ පළමුව මෘදුකාංගය දාවනය කල විට මෙම තිරය දිස්වේ.

ඔබට අවශ්‍ය කේන්‍ද්‍ර සටහන ඇතුලත් කිරීමට File > New පි‍විසෙන්න. එවිට පහත තිරය ලැබේ.

උපන් වේලාව හා දත්ත ඇතුලත් කිරීම

මෙම කොටසේ නම ලෙස සඳහන් ස්ථානයට ඉදිරියෙන් ජන්මියාගේ ‍හෝ කෙන්‍ද්‍රසටහනට අදාල නම සටහන් කරන්න. මෙය සටහන් කිරීම අත්‍යාවශය නොවේ. 1 උපන් දිනය ලෙස සටහන්ව ඇති ස්ථානයට ඉදිරියෙන් දිනය මාසය හා වසර සටහන් කරන්න. ‍උපන් වේලාව ඉංග්‍රීසි 24 පැය ක්‍රමයට උපන් වේලාව 2 ලෙස සටහන් ස්ථානයට ඉදිරියෙන් සටහන් කරන්න.3 පසුව ගැහනු පිරිමි බව ‍තෝරන්න.4 උපන් රට සඳහා ජන්මියා උපන් රට තෝරන්න. උපන් රට ලෙස ශ්‍රී ලංකාව තේරූ විට පමණක් උපන් පලාත යන්න දිස්වෙනු ඇත. එය ද නිවැරදිව ‍‍තෝරන්න. ඉන්පසු උපන් ස්තානයට ආසන්නම ස්තානයක් උපන් ස්තානය ‍ලෙස දැක්වෙන සතාන‍යෙන් තෝරන්න. ඔබ නැවැරදි අක්ෂාංශකය හා දේශාංශකය දන්නා විටක උපන් ස්තානය. නොසලකා පිහිටීම තුල නිවැරදිව උක්ෂාංශ හා දේශාංශකය ඇතුලත් කරන්න. වේලා කලාපය වෙනසක් ඇතිනම් නිවැරදි කරන්න.5 සමහර විදේශ රටවල යම් යම් කාලව වලදී දිවා ආලෝකයෙන් වැඩි ප්‍රයෝජන ගැනීම සඳහා භාවිත වේලාව වෙනස් කරයි. එසේ වෙනසක් ඇතිනම් ඒම වේලා වෙනස Daylight Saving යන ස්තානයට ඇතුලත් කරන්න. සියළුම දත්ත නිවැරදිව අතුලත් කලේ නම් නිවැරදියි ! යන බොත්තම තදකරන්න.

1. නම ලෙස සටහන් ස්ථාන‍යේ ඇති නම මුදීත පිටපතේ ඒ ආකරයෙන්ම මුද්‍රණය වේ.
2. උපන් වේලාව සඳහා සම්මත දේශීය වේලාව ඇතුලත් කරන්න.
3. Current Date ලෙස සඳහන් බොත්තම තද කිරීම මගින් දැනට පවතින වේලාව හා දිනය උපන් දිනය හා වේලාව ලෙස සකස්වේ.
4. ගැහැනු පිරිම බව තේරීම මගින් උපන් වේලාවේ කිසිදු සංශෝදනයක් නොවේ. කිසිදු ගණනය කිරීමකටද යොදා නොගනී. ගැහැනු හා පරිමි වීම මත නවාංශයකය වෙනස් විය යුතු බව මතයක් තිබුනද මෙම මෘදුකාංගය මගින් සපයා ඇති වේලාවට පමණක් කෙන්‍ද්‍ර සටහන සාදයි. ඔබට එසේ කිරීමට අවශයනම් වේලාව සංශෝදනය කල යුතුය. ලග්නය හා නවාංශකය පහාත් දක්වා ඇති නිසා එය පහසුවේ. මුද්‍රිත පිටපතේ දැක්වීම සඳහා පමණක් ගැහැනු පිරිමි බව භාවිතා‍වේ.
5. විදේශ රටවල වේලා කලාපය නිවැරදිතාවය තහවුරු කර ගන්න. ශ්‍රී ලංකාව තුලදී යම් යම් කාල වලදී වේලා කලාපය වෙනස් විය. එදා මොදා තුර ශ්‍රී ලංකාවේ වේලා කාලාපයේ සිදු කරන ලද වෙනස් කම් පහත පරිදිවේ. ඒ අනුව නිවැරදිව වේලා කලාපය ඇතුලත් කරන්න.

a. 1905 ජුලි 01 දහවල් 12 සිට 1942 ජනවාරි මස 05 වැනි දින පෙ.ව. 01 සිට 1942 අගෝස්තු 31 දින රාත්‍රී 12 දක්වා + පැය 6 සහ මිනිත්තු 00 ක් ලෙස ද

b. 1942 අගෝස්තු 31 දින රාත්‍රී 12 සිට 1945 ඔක්තෝබර් 14 වෙනි දින රාත්‍රී 12 වන තෙක් + පැය 6 සහ මිනිත්තු 30 ක් ලෙස ද

c. 1945 ඔක්තෝබර් 14 වෙනි දින රාතී 12 සිට 1996 මැයි 25 දින රාත්‍රී 12 දක්වා + පැය 5 සහ මිනිත්තු 30 ක් ලෙස ද

d. 1996 මැයි 25 දින රාත්‍රී 12 සිට 1996 ඔක්තෝබර් 26 දින රාත්‍රී 12 දක්වා + පැය 6 සහ මිනිත්තු 30 ලෙසද

e. 1996 ඔක්තෝබර් 26 දින රාත්‍රී 12 සිට 2006 අ‍ප්‍රේල් 14 රාත්‍රී 12 දක්වා + පැය 6 සහ මිනිත්තු 00 ලෙසද

f. 2006 අ‍ප්‍රේල් 14 දින සිට මේ දක්වා(2008) පැය + පැය 5 සහ මිනිත්තු 30 ලෙසද භාවිතා‍ වේ.

සැලකිය යුතුයි: ‍සමහර විට ඔබට ලැබුන උපන් වේලාව දැනට පවතින වේලාවට සංශෝදනය වූවක් විය හැකියි. ඒවැනි අවස්ථාවකදී

1. උපන් වේලාවට සංශෝදිත වේලාවද වේලා කලාපය ලෙස දැනට පවතින වේලා කලාපයම භාවිතා කිරීම හෝ

2. එවකට පැවති වේලා කලාපයට උපන් වේලාව නිවැරදි කර එම වේලාව උපන් වේලාව ලෙස ඇතුලත් කර වේලා කලාපය ලෙස එවක පැවති නැවැරදි වේලා කාලාපයද ඇතුලත් කිරීම
යන දෙකෙන් එකක් කල යුතුය.

Friday, November 7, 2008

හැඳින් වීම.



තරු කිරණ සිංහල ජ්‍යෝතිෂ මෘදුකාංගය ජ්‍යෝතිෂ වේදීන් සඳහා නිපදවුනු වෘතීය මට්ටම් මෘදුකාංගයකි. ජ්‍යෝතිෂ මෘදුකාංගයකින් බලා‍පොරෙත්තු වන සෑම ගුණාංගයකින්ම මෙම මෘදුකාංගය සමන්විත‍ වේ. මෙම මෘදුකංගයේ නව සංස්කරණ පිළිබඳ විස්තර, එය භාවිතා කරන අන්දම හා සම්බන්දිත ඕනෑම විස්තරයක් මෙම බ්ලොග් අඩවිය හරහා ඔබට ලබා ගත හැකි වනු ඇත.